ලේබල් රෙගුලාසි උල්ලංඝණය කරමින් ඇසුරුම් ආහාර ද්‍රව්‍ය විකිණීම හා බේකරි නිෂ්පාදන දූෂත වන අයුරින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවලට වරද පිළිගත් නල්ලතන්නිය, මස්කෙළිය හා මාවුස්සාකැලේ ව්‍යාපාරිකයන් සිව්දෙනකුට හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා රුපියල් 7500 බැගින් රුපියල් 30,000ක දඩ නියම කළේය.
ශ්‍රීපාද වන්දනාකරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ලබා දීමේ වැඩසටහන යටතේ බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී කේ එල් වසන්ත මහතා ඇතුළු නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.