සිරිපා හිමේ තනිවූ පහකට ගුවන් හමුදා පිහිටයි


සිරිපා වන්දනාවේ ගොස් සිටියදී නල්ලතන්නිය රක්ෂිතයේ අතරමංවූ  කාන්තාවන් දෙදෙනකු ඇතුළු වන්දනාකරුවන් පස් දෙනකු දවසකට පසු සොයාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය.

බෙල් 412 හෙලිකොප්ටර් යානයකින් කළ සෝදිසියකින් පසු නල්ලතන්නියෙන් මේ පිරිස සොයාගත් බව වාර්තාවේ.

ලක්ෂපාන වතුයායෙන් ශ්‍රී පාද අඩවියට ඇතුළු වී ඇති එම පිරිස අඟහරුවාදා (13) පෙරවරුවේ අතුරුදන්වී ඇතැයි දැනගන්නට ලැබී ඇත. එහි සිටි සිව් දෙනෙක් නුගේගොඩ පදිංචිකරුවෝ වෙති. අනෙක් තැනැත්තා ලක්ෂපාන වතුයායේ සේවකයෙක් බව පොලිසිය පවසයි.

image_1481688849-8bc99fa0cc image_1481700201-4a40e9e005

ඡායාරූප - ගුවන් හමුදාව

IMG_20151227_085115

ඡායාරූපය - මනෝජ් ප්‍රියදර්ශන