ශ්‍රී පාද රක්ෂිතයට යාබද නල්ලතන්නිය මරේ වතුයාය අසළදී දින කිහිපයකට පෙර උගුලක් අටවා මරා දැමුණු දිවියකුගේ දත් හා නියපොතු ගලවාගෙන ගොස් ඇතැයි නල්ලතන්නිය වනජීවී කාර්යාලය කියයි.
ශ්‍රීපාදය හා බැන සමනළ කන්ද ඇතුළු වනයේ සිටි දිවියන්ගේ ප්‍රමාණය ඉතා අඩු බව වනජීවී නිලධරයෝ කියති.
මරා දැමුණු දිවියාගේ වයස අවුරුදු හතරක් පමණ බවත්, දිග අඩි හයක් පමණ බවත් ඔවුහු පවසති.