කළුගලින් නිම කැර පිත්තල ආවරණවයකින් ආරක්ෂා කැර ඇති දොළොස්මහේ පහන නල්ලතන්නියේ සිට කොටස් වශයෙන් සිරිපා මළුවට රැගෙන යෑම අද ඇරැඹිණි.
පහනේ බර කිලෝ 8613 කි. මීදුම නිසා මෙහෙයුම ගමන් වාර තුනකට පමණක් සීමා විය.
දින දෙකකදී කිලෝ හයදාහක් මහ මළුවට රැගෙන ගිය බව එම් අයි 17 හෙලිකොප්ටර් නියමුවෝ කියති.
රැගෙන යායුතු මුලු කිලෝ ප්‍රමාණය විසිදහසකි.ප්‍රධාන ගුවන් නියමු වින් කමාන්ඩර් එම් කේ එස් කේ මහීපාල පැවසුයේ මෙතරම් භාණ්ඩ ප්‍රමාණයක් ශ්‍රි පාද මළුවට රැගෙන යන ප්‍රථම අවස්ථාව මෙය බවයි.
ලබන පස් වැනිදා දක්වා උදේ හයත් සවස හයත් අතර සිරිපා මළුවට නොයන්නැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ වන්දනාකරුවන්ගෙන් ඉල්ලීමක් කරති.