නවම් පෝදා දවල් වන විට අඩු ගණනේ ලක්ෂයට ආසන්න පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි බව නල්ලතන්නි පොලිසිය කියයි.
වන්දනාකරුවන් රැගෙන ආ වාහන නල්ලතන්නි නගරයේ සිට මස්කෙළිය තෙක් කිලෝමීටර පහක් දිගට වාහන පෝලිම දක්නට ලැබුණු බවත්, රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ ද මහ පරිස් වන්දනාවේ පැමිණි බවත් පොලිසිය පවසයි.
කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවලට බැස දිය නොනාන ලෙස නුවරඑළිය මහ දිසාපති ඩීපීජී කුමාරසිරි මහතා වන්දනාකරුව්නගෙන් ඉල්ලයි.

