සිරීපාදයේ නල්ලතන්නියේ ඉඩම් අන්සතු කිරීම මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත.
නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිංහ මහතාගේ නිර්දේශ මත මේ පියවර ගෙන ඇත. විසි දෙදෙනකු ශ්‍රීපාද බිමේ ඉඩම්වල අයිතිවාසිකම් කියා ඇතත් නල්ලතන්නියේ සිට ශ්‍රීපාද පද්මය දක්වා මේ මුළු පෙදෙසම පූජා භූමියක් ලෙස 2008 සැප්තැම්බරයේදී ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇත.