සිරිධම්ම හිමි ගම්පොළ සිට ගම්පහ සංවිධානය අහෝසි කරයි


වැලිවේරියේ රතුපස්වල ‘සියනෑ ජලය සුරැකීමේ ජන නැගුම‘ අහෝසි කළ බව එහි අනුශාසක තෙරිපැහැ සිරිධම්ම හිමි ගම්පොල සිට මාධ්‍ය හමුවක් අමතමින් අද ප්‍රකාශ කළේය.

මේ අතර එම සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා ගම්පහ පුවත්පත් සාකච්ඡාවක දී කියා සිටියේ සිරිධම්ම හිමියන් එම සංවිධානයේ තනතුරුවලින් ඉවත් කළ බවයි.

රතුපස්වල ජල ප්‍රශ්නය සියයට සියයක්ම වාගේ විසඳී තිබිය දී දැන් ඊට සම්බන්ධ පිරිස් එය අනාගෙන නාගන්නා බව ද ඒ හිමියෝ කීහ.

‘අද ගම්පහ පන්සලට වඩිනවා‘ යැයි සිරිධම්ම හිමියෝ දුරකතනයෙන් පැවසීය.