ලබන වසරේ පළමු වැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළු කිරීම සඳහා රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැකපිට ලබුදූව සිරිධම්ම විදුහල්පති නිහාල් ගුරුසිංහ ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් ලබන 21 දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. අල්ලස් හෝ දූෂණ කොමිසම පැමිණිල්ල ඉදිරිපත් කළේය. දරුවාගේ මව ලෙස පෙනී සිටි අල්ලස් කොමිසමේ පොලිස් නිලධාරිණියකගෙන් ඔහු අල්ලස් ලබාගත් බවද අධිකරණයේදී කියැවිණි.


