සිරිකොත මහජන දිනයට මහ සෙනඟක්


(අංජුල මහික වීරරත්න)

ජනතාවගේ ප්‍රශ්න ගැටලු වලට සවන් දී විසඳුම් ලබාදීම සඳහා සංවිධානය කෙරෙන මහජන දිනය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මෙම මහජන දිනය පැවැත්විණි.

මහජන දිනයේ දී ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න සඳහා හැකි උපරිමයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම මහජන දිනය සතිපතා සංවිධාන කරන බවත් එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.