ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ගොඩනැගිලි පිළිසකර කිරීමට මුදල් සෙවීමේ අපේක්ෂාවෙන් එම විදුහලේ ආදි ශිෂ්‍යාවෝ ඉරිදා සවස විද්‍යාලයීය ශාලාවේ දී විවිධ ප්‍රසංගයක් පැවැත්වූහ. වසර ගණනකට පෙර විදුහලේ අධ්‍යාපනය ලැබූ ආදි සිසුවියෝ තම අතීත මතයකයන් එක්කරමින් රංගනයේ යෙදුණු අතර පාසලේ ඉගෙනුම ලබන ඔවුනගේ දියණිවරු ද මේ ප්‍රසංගයේ දී මව්වරු සමග රංගනයට එක්ව සිටියහ. විදුහල රජයට පවරාගත් 1978 වර්ෂයට පෙර පටන් එහි සේවය කළ ගුරු මහත්ම මහත්මීන්ට උපහාර පිදීම ද මෙහිදී සිදුකැරිණි.








