සිරස් බනුව විතරයි:සිරසක් නෑ


මාර්ග අංක 255 කොට්ටාව - පිළියන්දල මාර්ගයේ සිද්දමුල්ලේ මහ පාරේ ගිය යතුරුපැදිකරුවකුගේ හිසේ හෙල්මටයක් නොමැති විය. ඒ වෙනුවට ඔහු සංගීතයට සවන් දෙන සිරස්බනුවක් (හෙඩ් ෆෝන්) පැළඳ සිටියේය.

ගිය වසරේ සිදුවූ යතුරුපැදි අනතුරු ගණන 10147කි. මිය ගිය ගණන 1007කි.

පාසල් අවසන්වූ පසු සිය දරුවන් රැගෙන යාමට පැමිණෙන පිරිස් බොහොමයක් දරුවාට හෙල්මටයක් නොදී යතුරුපැදිවල රැගෙන යන අයුරු කොළඹ නගරය හා ඒ අවටදී දැකිය හැකිය. පොලිස් නිලධාරීන් සිය රාජකාරියේ යෙදී සිටින ස්ථානවලින් ද එසේ යන ආකාරය දක්නට ලැබේ. නමුත් ඔවුනට එරෙහිව පියවරක් ගන්නා ආකාරය දක්නට නොලැබිණි.

ඉන්දියාවේද මාර්ග නීති සම්බන්ධයෙන් තැකීමක් නොකරන බොහෝ පිරිසක් යතුරුපැදි ධාවනයේදී හෙල්මට් පැළඳීම සිදුනොකරති. එරටද යතුරුපැදි අනතුරු හා ඒවායින් මියයන ප්‍රමාණය ඉතා ඉහළය.

20161129_075630

ඡායාරූපය - ආරියරත්න රණබාහු

DSC_9471 DSC_9511 DSC_9531 DSC_9556 DSC_9576

ඡායාරූප - ශාන්ත රත්නායක