කැපිටල් මහරාජා මාධ්‍ය ජාලයට අයත් ”සිරස ටීවී” ආයතනයට හා එහි තෝරා ගත් මාධ්‍යවේදීන් පිරිසකට යම් තර්ජනයක් ඇතැයි පවසමින් එම මාධ්‍ය ආයතනයේ ඉහළ නිලධරයෝ කිහිප දෙනෙක් අද කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
තම ආයතනයට පසුගිය කාලයේද විවිධ පාර්ශ්ව වෙතින් තර්ජන එල්ල වූ බවත් මෙම තර්ජන සුළුවෙන් තැකිය නොහැකි බවත් ඒ පිළිබඳව පොලිසිය විමර්ශනයක් සිදු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඔවුහු කීහ.
සිරස ආයතනය වෙනුවෙන් ෂෙවාන් ඩැනියෙල්, සුසිල් කිඳෙල්පිටිය, මධුර ඉලංගකෝන් හා රන්දික හෙට්ටිආරච්චි යන මහත්වරු පොලිසියට පැමිණ සිටියහ.