සිරකරුට දෙන්න ගෙනා කුඩු සපත්තුවෙන් පනී


නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ සිරකරුවකුට දීම සදහා දෙහිවල කළුබෝවිල සිට  ගෙන ආ බව කියන හෙරොයින් පැකට් පහක් සමඟ තරුණියක අත්අඩංගුවට ගත් බව පොලීසීය කියයි.

දුම්කොළ කැබැලිවල ඔතා සපත්තුවක් ඇතුලේ සඟවාගෙන ගෙන ආ මෙම කුඩු පැකට් සොයා ගන්නා ලද්දේ  උසාවි ආරක්ෂක සේවයේ යෙදී සිටි සිවිල් ආරක්ෂක සෙබළුන් විසිනි.