සියුමැලි දෑතින් වසරකට කෝටි 226400


සෞදි අරාබිය විසින් විදේශ රටවලට යවන ලද ඇමරිකා ඩොලර් කෝටි 2760ට (රුපියල් කෝටි 364320) සාපේක්ෂව ශ්‍රී ලංකාව හය වැනි ස්ථානය ලබාගෙන ඇති බවත් එම මුදල ඩොලර් කෝටි 200කට (රුපියල් කෝටි 26400) සමාන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

2012 ලෝක බැංකුවේ වාර්ගික ඇස්තමේන්තු අනුව වැඩිම මුදලක් විදේශ රටවලට යැවීමේ දෙවැනි ස්ථානය වශයෙන් සෞදි ආරාබිය ශ්‍රේණිගත කර ඇතැයි සෞදි පුවත්පත් සඳහන් කරයි.

ලෝක බැංකුවේ ඇස්තමේන්තුවලට අනුව 2012 සෞදි අරාබියේ විදේශ රටවලට යවා ඇති මුදල ඇමෙරිකා ඩොලර් කෝටි 2760ක් ලෙස දක්වා ඇත.

කලාපීය වශයෙන් ගල්ෆ් කලාපයේ දෙවැනි ස්ථානය වශයෙන් ඩොලර් ඩොලර් කෝටි 2030ක් (රුපියල් කෝටි 267960) විදේශ රටවලට යවමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය දෙවැනි ස්ථානය ලෙසද, ඩොලර්  කෝටි 850ක් විදේශ ගත කරමින් කුවේට් දේශය තුන් වැනි ස්ථානය ලෙස ශ්‍රේණි ගත කර ඇත.

සෞදි අරාබිය විසින් විදේශ රටවලට යවන ලද ඇමරිකා ඩොලර් කෝටි 2760ට සාපේක්ෂව වැඩිම මුදලක් ලබා ගැනීමේ ප්‍රතිලාභියා ලෙස ඩොලර් බිලියන 8.4ක් ලබා ගනිමින් 2012 වසරේ පළමු වැනි ස්ථානය ලෙස ශ්‍රේණි ගත කර ඇත්තේ ඉන්දියාව වන අතර සෞදි අරාබියෙන් වැඩිම මුදලක් ලබා ගත් දෙවැනි ප්‍රතිලාභියා ලෙස ඩොලර් කෝටි 570ක් ලබා ගෙන ඇත්තේ ඊජිප්තුවයි.

තුන් වැනි ස්ථානය ලෙස පාකිස්තානය ලබා ගෙන ඇති මුදල ඩොලර් කෝටි 300කි. හය වැනි ස්ථානය ශ්‍රී ලංකාව ලබාගෙන ඇති අතර මුදලින් ඩොලර් කෝටි 200කට දමසානය.

තුන් වැනි ස්ථානය ලෙස පාකිස්තානය ලබා ගෙන ඇති මුදල ඩොලර් කෝටි 300කි.

ශ්‍රී ලංකාවෙන් සියයට 21ක් පමණ රට රැකියාවලට යන බවත්, එයින් ද සියයට 46ක් කාන්තාවන් බවත් රජයේ සංඛ්‍යාලේඛන කියයි.