සියාම් ඝාතනයේ හිටපු ප්‍රධාන සැකකරුට ඇප


බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ ප්‍රධාන සැකකරුව සිට රජයේ සාක්කිකරවකු වූ මොහොමඩ් ෆවුස්ඩීන් කොළඹ මහාධිකරණයේ අද රුපියල් 50000ක මුදල් ඇප හා රුපියල් පන් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත විනිසුරු ලලිත් ජයසූරිය මහතා විසින් මුදා හරිනු ලැබීය.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කැරිණි.

මොහොමඩ් සියාම් අතුරුදන් වීමට පෙර රැගෙන ආ බව කියන ෆවුස්ඩීන් නීතිපති විසින් රජයේ සාක්කිකරයකු කැරිණි.