සියවසේ ඉබ්බා මීයාට පරදි


බ්‍රිතාන්‍යයේ  ජීවත් වු  වයස්ගතම ඉබ්බා පසුගිය සතියේ මිය ගියේය.  මිය යන විට වයස අවුරුදු  130 කි. බ්‍රිතාන්‍යයේ  රජවරු  5 දෙනකුගේ යටත් වැසියකු වු  ඉබ්බා  තෝමස්  යන සුරතල් නාමයෙන්  පවුලේ සාමාජියකු ලෙස  ජීවත් විය. 

 ලෝක සංග්‍රාම  දෙකක්ම ඔහුට හමු විය.   දෙවැනි ලෝක යුද්ධයේදී  ඔහු සිටි නිවසට බෝම්බ වැටී නිවාස කඩා වැටෙද්දී  නිවැසියෝ ඔහු බේරා ගත්හ.
 ඉබ්බාගේ භාරකරු වුයේ  ජුනේ ගැලීස්ය.  ඇගේ පියා වු  හැරිට  ග්‍රේස්  නැමති කාන්තාවක් විසින්  මොහු පරිත්යග  කර තිබිණි. ඒ 1922 දීය. එදා මෙදා තුර තොමස් ජීවත් වුයේ  ඔවුන්ගේ ඇසුරේය.
1882 දී  උපන් තොමස්  ලෝක යුද්ධ දෙකකින් බේරුනත් ගෙවත්තේ  ඇවිදමින් සිටියදී  මීයකු විසින්  තොමස්ගේ කකුල සපා කෑම නිසා  ඇති වු ආසාදනයකින් මිය ගියේය.   
 ලෝක යුද්ධ දෙකකින්  බේරුනත් ඉබ්බා මීයාගෙන් බේරුනේ නැත.   මීයකු ඉබ්බාගේ කකුලක් සපා කෑම නිසා ලේ විෂ විමෙන් මරණය  සිදු විය.