බදුල්ල කයිලගොඩ ශ්‍රී සද්ධර්මානන්ද පිරිවෙනේ තිබූ වසර 100කට වඩා පැරැණි බෝධිය අද අලුයම මුලින් ඉදිරී ගිය බව පොලිසිය පවසයි.
එම මාර්ගයේ රථ වාහන ධාවනයද ඇන හිට ඇත.
බෝධිය වටා තිබූ බුද්ධ ප්‍රතිමාවලට ඉන් හානියක් සිදුව නැත. බෝධිය කඩා වැටීමෙන් වෝල්ට් 33000ක අධි බලැති විදුලි රැහැන් පද්ධතියේ විදුලි කණු තුනක්ද අසල නිවෙස් මතට කඩා වැටී ඇති අතර නිවාස කිහිපයකට ඉන් අලාභ හානි සිදුවී ඇතැයි කියති.