එකොළොස්වැනි සියවසට අයත් ඉපැරැනණි මැටියෙන් නිමවන ලද ඇත් දළ හා හා කාන්තා රූප විශේෂයක් ඇලැහැර ජයසිරිපුර ශ්‍රී පබ්බතාරාම විහාරයෙන් සොයාගත් බව කැළණීය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය ප‍්‍රියශාන්ත ගුණවර්ධන මහතා කියයි.
අනුරාධපුර හා පොළොන්නරු රාජධානි බිඳවැටීමත් සමග ජනතාව හුදකලාවීමත් කෘෂි හා වාරි කර්මාන්ත බිඳ වැටීමත් යන කරුණු මත දෙවියන් උදෙසා සිදුකළ විවිධ පුජා සඳහා යොදාගත් මැටියෙන් නිමවන ලද මෙම ප‍්‍රතිමා ලංකාවේ මෙතෙක් හමුවු විවිධ පුරාවස්තු අතර සුවිශේෂි තැනක් ගන්නා බව ගුණවර්ධන මහතා පැවසීය.
‘‘මෙවැනි ප‍්‍රතිමා අනුරාධපුරය,රාජංගනය,දකුණු පළාත වගේම පොලොන්නරුව වගේ ප‍්‍රදේශවලින් හමුවෙනවා.නමුත් ඇලහැරින් හමුවීම ඉතාමත් සුවිශේෂියි.
අනුරාධපුර විලච්චිය වගේම දකුණු පළාතෙත් එවැනි පුරා වස්තු සොයා ගත්තා. ඊට අයත්.මෙවැනි ස්ථාන පිළිබඳව කාල නිර්ණයන් ලබා දි තිබෙන්නේ පුරා විද්‍යාඥයන් වංශ කතා පදනම් කරගෙන.
ලංකාවේ පළමු වතාවට රාජාංගනය ප‍්‍රදේශයෙන් හමුවු මැටි කොටස් වලට විද්‍යාත්මක කාල නිර්ණ ලබාදෙන්නේ මමත් මාහාචාර්ය රොබට් කලිංහැම්.ඒ නිකවැව කියන ස්ථානයට.එම ස්ථානයට එදා ලැබුණේ 11 - 12 සියවස්වලට අයත් කාල නිර්ණයක්.එම වකවානුව පොලොන්නරුව ශිෂ්ටාචාර බිඳ වැටි තිබු කාලය.‘






