සියලු සතුන් රකින සම්මුතියක් ඕනෑ


ගව ඝාතනය පමණක් නොව සියලු සතුන්ට හිංසා කිරීමට එරෙහිව සම්මුතියක් අවශ්‍ය බව රාජ්‍ය පරිපාලන ඇමැති ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා කියයි.

ගව ඝාතනය තුරන් කිරීමට තමා විරුද්ධ බවට අන්තර්ජාලයෙන් ප්‍රචාරයක් ගෙන යතියි ද,එය මඩ ප්‍රචාරයක්යැයි ද ඇමැති පවසයි.

‘මගේ ගෙදරටවත් ගව මස් ගන්නේ නෑ. අපි කිසිවකුවත් ගව මස් කන්නේ නෑ. ගවයන් මැරීම තහනම් කරන්නැයි කියමින් දිවි තොරගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සමග මගේ කිට්ටු සබඳතාවක් තිබුණා.‘

ඒ හිමියන්ගේ ආදාහනයේදී කතා කළ ඇමැතිවරයාට සංවිධානය වූ පිරිසක් හූ කීහ.