සියලු විභාග ප්‍රතිඵල අත් හලෝවට


විභාග දෙපාර්තමේන්තුවේ සියලු විභාග ප්‍රථිඵල අනිද්දා (5) සිට අන්තර්ජාලය සහ ජංගම දුරකතන  ඔස්සේ ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ජනාධිපති උපදේශක මහාචාර්ය පී ඩබ්ලිව්  ඈපාසිංහ මහතා පවසයි.

විභාග දෙපාර්තමේන්තුව වසරකට පවත්වන විභාග  සංඛ්‍යාව  තුන්සීයය ඉක්මවුවද අන්තර්ජාලය සහ ජංගම දුරකතන මගින් ප්‍රතිඵල නිකුත් වනුයේ අපොස සාමාන්‍යෙපළ ,උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා පමණක් බව ද ඔහු පැවසීය.