2017 අයවැය මඟින් හඳුන්වා දුන් පරිදි ශ්‍රී ලංකාව හරිත බලශක්තියට පරිවර්තනය කිරිමේ වැඩපිළිවෙළට අනුව සියලු රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කිරිමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(9) මුදල් අමාත්‍යංශයේ දි පැවැත්විණි.
එම අවස්ථාවේදි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ සුරතින් ප්‍රධාන ස්විඡය ක්‍රියාත්මක කර රාජ්‍ය ආයතන සූර්ය බලශක්තියට පරිවර්තනය කිරිමේ කටයුත්ත ආරම්භ කැරිණි.




