සියයට 90 ලීසිං අද සිට


වාහන මිල දී ගැනීමේ දී 90%ක් දක්වා කල් බදු පහසුකම අද (29) සිට පාරිභෝගිකයන්ට හිම වන බව මුදල් අමාත්‍යංශය කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව   නිල දැනුම් දීම රජයේ සහ පෞද්ගලික  වාණිජ බැංකු වෙත අද (29) නිකුත් කිරීමට නියමිත ය.

100%ක් කල්බදු පහසුකම් ලබා දීම 2015 සැප්තැම්බර් මස 15 දා සිට අත්හිටැවිණි.

එදින නිකුත් කළ චක්‍ර ලේඛයට අනුව වාහනයක් මිල දී ගැනීම සඳහා එතෙක් තිබූ 100% කල්බදු පහසුකම් ලබා ගැනීමේ හැකියාව 70% දක්වා පහළ දැමිණි.

එහෙත් එමගින් මෙරට වෙළෙඳපොළට ඇති විය හැකි  අහිතකර බලපෑම සැලකිල්ලට ගනිමින් එම සීමාව 90% දක්වා යළි ඉහළ නැංවීමට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තීරණය කළ බව අමාත්‍යංශය කියයි.