සිගරට් පැකට්ටුවක සියයට 50ත් 60ත් අතර රූපමය අවවාද ප්‍රදර්ශනය කරන්නැයි අභියාචනාධිකරණය අද සෞඛ්‍ය අමාත්‍යංශයට අවසර දුන්නේය.
දුම්බීමේ ආදීනව එම අවවාදවලින් දැක්වෙනු ඇත.
සියයට 80ක් දක්වා සිගරට් පෙට්ටියේ රූපමය අවවාද ඇතුළත් කළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කැරුණු ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ලංකා දුම්කොළ සමාගම අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ගොනු කර තිබිණි.
අනිල් ගුණරත්න සහ මාලිනී ගුණරත්න අභියාචානාධිකරණ විනිසුරුවරුන් දෙපළ හමුවේ විභාග කැරුණු පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කැරිණ.

