රන් ආනයනය වෙනුවෙන් සියයට 5ක රේගු බද්දක් හා සියයට පහක අධි භාරයක් පැනවීමට රජය තීරණය කළ බව රොයිටර් පුවත් සේවය කියයි.
ඉන්දියාවේ මෙවැනි බද්ධක් ඇති හෙයින් ඉන් සිදුවිය හැකි අවාසි මග හරවා ගැනීමට මේ පියවර ගත් බව ද රජය කියයි.
මෑතදී ශ්‍රී ලංකාවෙන් හොරෙන් රත්තරන් ගෙන යෑමට ගත් අවස්ථා රැසක්ම රේගුවට අසුවිය.
ශ්‍රී ලංකාවේ රත්තරම් අවුන්සයක අද මිල රුපියල් 167,895.30කි.