
(සුමිත් පොතුපිටිය)
කළුතර නගර ශාලාව පිටුපස නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් මතට අද පස්වරුවේ සියඹලා ගසක් කඩාවැටීමෙන් වාහන තුනට හානි සිදුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
සුඛෝපභෝගී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මතට ගස කඩාවැටී ඇති අතර , ත්‍රීරෝද රථයේ පමණක් දෙදෙනකු සිට ඇති බවත් ,ජීවිත හානි සිදුව නොමැති බවත් පොලිසිය කිය.
වාහන තුනම පෞද්ගලික උපකාරක පංති සදහා ළමුන් රැගෙන විත් තිබූ බව සදහන් වේ.
සුඛෝපභෝගී මෝටර් රථයෙන් පැමිණි දරුවා පංතිය නිමවී පියා සමග මෝටර් රථයට රැගෙන එමින් සිටීයදී අනතුර සිදුව ඇති බවත් , ගස වැටෙන අයුරු මෝටර් රථය ආසන්නයට පැමිණෙමින් සිටියදී ඔවුන් දැක ඇති බවට ප්‍රකාශ කළ බව පොලිස් නිළධාරීයෙක් කීය.

