වතුර ඉල්ලූ ජනතාවට වෙඩි උණ්ඩ දුන් ආණ්ඩුව රතුපස්වලට පිරිසිදු පානීජ ජලය දීමට තවමත් අපොහොසත් වී ඇතැයි සියනෑ ජන නැගුම සංවිධානය කියයි.
රතුපස්වල ජල සටනේ පෙරමුණෙන්ම සිටි තෙරිපැහැ සිරිධම්ම හිමි ඇතුළු රතුපස්වල හා වැලිවේරියේ බොහෝ දෙනෙක් මෙවර ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීමට කටයුතු කරන බව එම සංවිධානයේ කැදවුම්කරු සුරේෂ් පෙරේරා මහතා පවසයි.
ඔවුහු අද තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක කාර්යාලයයේ මාධ්‍ය සාකච්ඡාවකට ද සහභාගී වූහ.
සුරේෂ් පෙරේරා මහතා -
‘අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. මීට කලින් අපිත් වැඩ කළේ ජනාධිපතිතුමාට තමයි. රතුපස්වල කර්මාන්ත ශාලාවේ ගැටළුව අවස්ථාවේ අපට සාධාරණයක් වුණේ නෑ. ගම්පහ දිස්ත්‍රික් නායකයා අපි වෙනුවෙන් කතා කළේ නෑ.
වතුර ඉල්ලා උද්ඝෝෂණය කළ තුන් දෙනෙක් මැරුවා. බොහෝ දෙනෙක් තුවාල ලැබුවා. නමුත් ඔවුන්ට වන්දියක්වත් දුන්නේ නෑ. තවම බොහෝ දෙනකුට පිරිසිදු ජලය ලබා දී නෑ. ජනාධිපති අපිට විවිධ පොරොන්දු දුන්නා. දැන් අවුරුද්දකුත් බවරයි. ඒවා ක්‍රියාත්මක වුණේ නෑ.
ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො විදියට අපි තීරණය කළා මෙවර ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩකටයුතු කරන්න. අපි ඒ වෙනුවෙන් ඇප කැප වෙනවා. ඔහු අපට පොරොන්දුවක් දුන්නා සාධාරණ කාලයක දී අපේ ගැටළුව විසදන බවට. ‘

