නගෙනහිර අප්‍රිකාවේ සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ‘රෝස් වුඩ්‘ දැව කඳන් මෙට්‍රික් ටොන් 420 ක් රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරුකීමේ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
කන්ටේනර් 28 ක බහා තිබු රෝස් වුඩ් දැව කඳන් 3669 ක් සොයා ගත් බවත් එහි වටිනාකම රුපියල් සිය කෝටිය ඉක්මවන බවත් රේගුව කියයි.
මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාව හරහා හොංකොං නුවරට නීති විරෝධී ලෙස අඩි දහයක් දිය කොට 3669ක් අපනයනය කිරීමට සූදානම් කර තිබිණි.
රෝස්වුඩ් ධන කුවේරයන්ගේ පරිහරණය සඳහා වන ලීබඩු නිෂ්පාදනයට යොදා ගැනේ.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට රේගු ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර, රේගු සමාජ ආරක්ෂණ අංශයේ අධ්‍යක්ෂක එම්. පාස්කරන් යන මහත්වරුන්ගේ අධීක්ෂනය යටතේ රේගු අධිකාරී ආර්.ඩී.ඒ.එන්.ජී නියරේපොළ මහතාගේ මෙහෙයවීමෙන් රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නිලධාරීහු සිදු කරති.
(රෝස්වුඩ් ගසක්)

