
(යොහාන් භාසුර)
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් තීරණය කර තිබේ.
නව මිල ඊයේ (7) සිට ක්‍රියාත්මක වන බවත් කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමූව ද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බවත් සිමෙන්ති නි්පාදන සමාගම් පැවසීය.
සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළයාම සිමෙන්ති මිල වැඩිකිරීමට හේතුවූ බව ද එම සමාගම් වැඩි දුරටත් සඳහන් කළේය.

