සිධාර්තන් ඇතුළු පිරිසක් අවසන් සටන් බිමේ දිවුරති


උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහතා ඉදිරියේ දිවුරුම් නොදුන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු අට දෙනෙක් සදුදා (14) මුලතිවුහි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටන පැවති වට්ටුවාල් පාළම අසලදී  හා යාපනයේ එස් ජේ වී චෙල්වනායගම් පිළිරුව අසල  දී  දිවුරුම් දීටම නියමිතය.

ඊ පී ආර් එල් එෆ් මන්ත්‍රීවරුන් වන ස්ර්වේෂ්වරන්,ත්‍යාගරාජා ,රවිකරන්, වෛද්‍ය ශිව මෝහන් හා ජෙග නාදන් ප්ලොට් නායක  ධර්මලිංගම් සිධාර්ථන් හා ජෙ.ටි ලිංගනාදන්  වෙල්ලිමුල්ලවයිකාල්හිදී සාමවිනිසුරුවරු ඉදිරියේ දිවුරුම් දෙනුයේ අවසන් සටනේදී මිය ගිය දෙමළ ජනයාට ගෞරව කිරීමක් වශයෙන් යැයි එහි  ප්‍රකාශකයෙක් කියයි.

ටෙලෝ නායක හිටපු පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී සිවාජිලිංගම් චෙල්වනායගම් පිළිරුව ඉදියේ සාම විනිසුරුවරයකු ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.