පසුගිය සති කිහිපයේදීම නවසීලන්තයේ සවාරියක යෙදි සිටි ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා මේ දිනවල ආබාධයකින් පසුවෙන බව සඳහන් වේ. දකුණු කකුලේ වළලුකාර ප්‍රදේශයේ ආබාධයකින් පෙළෙන සිද්ධාර්ත් මේ වනවිට ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.
සිද්ධාර්ත් මල්හෝත්‍රා පසුගිය මාසයේ නවසීලන්තයේ සංචාරයක නිරතව සිටි අතර, ඒ රාජ් ඇන්ඩ් D.K විසින් අධ්‍යක්ෂණය කරනු "රිලෝඩ්" චිත්‍රපටයේ එන දර්ශන කිහිපයක් සඳහා බව වාර්තා විය. මෙම චිත්‍රපටයේ සිද්ධාර්ත්, ශ්‍රී ලංකා රූපරාජිණි ජැකලින් ෆර්නැන්ඩේස් සමග ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේය.



