ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ ඩී.වී.ඩී. තැටි හොරෙන් නිපද වීම ලඟ තබාගැනීම හා අලෙවි කිරීම චෝදනාවට ලක්ව අධිකරණය හමුවේ වරඳ පිළිගත් දෙදෙනකුට මතුගම මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අද(22) දඩ හා වන්දි මුදල් ගෙවන ලෙස නියෝග කළේය.
ඒ අනුව නඩුවේ පළමු සැකකාර ඩී.ඩී. ඒ.එස්. සදරුවන් සිරිවර්ධනට (මතුගම) රුපියල් දෙලක්ෂ පනස් දෙදහසක දඩයක් හා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසත්
දෙවන සැකකාර එල්.ඩී. රංග වික්‍රමරත්න (පානදුර) රුපියල් දෙලකෂ පනස්දහසක දඩයක් හා අගතියට පත් පාර්ශවයට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කළේය.