සිතුල් පව්ව වෙහෙර ළඟට වෙසක් සඳ පායයි


යාල වන මැද පිහිටි ඓතිහාසික සිතුල්පව්ව නොහොත් සිත්තල පබ්බත විහාරය වෙසක් උත්සවය නිමිත්තෙන් විදුලි බුබුළුවලින් ඒකාලෝක කෙරිණි.

අඩි 428 ක්  උස ගල් පර්වතයක් මත ඇති මෙම චෛත්‍ය රාජායාණන් හා අවට මළුව නිල් පැහැති විදුලි බුබුළින් ආලෝක විය. විහාරාධිපති මැටරඹ  හේමාෙලා්ක  හිමියන්ගේ අනුදැනුම මත වෙසක් උළෙල නිමිත්තෙන් සිතුල් පව්ව විහාරයේ පිංකම් රැසක් සිදු කරයි.

එකල රහතන්වහන්සේලා 12,000 ක් පමණ වැඩ සිටි බවට ඉතිහාස සාක්කි හඳුන්වන සිතුල් පව්ව විහාරයට අවට සිටින අලි ඇතුන් නිරතුරුවම පැමිණෙන බවද ප්‍රදේශවාසීහු කියති.

DSC_0737 DSC_0760 DSC_0761 DSC_0762 DSC_0763 DSC_0790 DSC04413