සිත්තම් රෑ සිත්තම් කරන වජිර


ඔහු මීට වසර පහළවකට පෙර තුරුණු ශක්ති හරහා කොළඹට අඩිය තියපු තරුණයෙක්. නිවේදකයෙක් වෙන්න සිහින ඔටුන්නක් හිසදරාන එදා ඒ විදියට කොළඹට අඩිය තියලා ඉතාම අසීරුවෙන් ජීවිතේ එක මාවතක් ඔහු ගොඩනගා ගත්තා. ඒ ගමනේ ඔහු අද බොහෝ දුර ඇවිත්. අඛණ්ඩව වසර හයක් ලංකාවේ හොඳම රූපවාහිනි නිවේදකයාට හිමි සම්මානයක් ලබාගැනීමට තරම් ඔහු නිවේදන ක්‍ෂේත‍්‍රයේ දක්‍ෂයෙක් බවට පත්වුණා. ඔහුගේ රුව, හඬ රූපවාහිනිය සහ ගුවන්විදුලිය ඔස්සේ හුරුපුරුදු ලෙංගතු හඬක් බව නොඅනුමානයි. ඔහු නම් වජිර ජයවර්ධන තවත් වින්දනාත්මක හෝරාවක් ගැන කතා කරන්න ඔහු අප සමග එකතු වුණේ මෙලෙසින්.

20170202Vajira-2අපි 2000 වසරට ගියොත්?

ඇත්තටම මට දෙදාහ වසර කියන්නේ ජීවිතේ අලූත් මාවතක් හැදුන වසරක්. තුරුණු ශක්ති හරහා මම කොළඹට එන්නේ ඒ වසරේ ඒ කාලේ ගුවන්විදුලි සංස්ථාවේ මට නිවේදකයෙක් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ ලැබුණ අවස්ථාව මගේ හිතේ තිබුණ නිවේදක හීනයට අලූත් මාවතක් විවර වුණා වගේ මට එදා දැනුනා. කාලයක් ගුවන්විදුලියේ වැඩ කරමින් ඉන්නකොට ‘‘සිත’’ ගුවන්විදුලියට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනවා. මගේ නිවේදක ජීවිතේ දෙවන උප්පත්තිය සිත ත්‍ප කිව්වොත් ඉතාම නිවැරදියි.

කොහොමද ‘‘සිත’’ ගුවන්විදුලිය එක්ක සම්බන්ධ වෙන්න අවස්ථාව  ලැබෙන්නෙ?

පෞද්ගලික මාධ්‍ය බිහිවීමත් එක්ක ඒ කාලේ ආකෘතික වෙනස්කම් ගුවන්විදුලියෙත් සිදුවිය යුතුව තිබුණා. ඒ කාලේ මම ගුවන්විදුලියේ කළේ එක වැඩසටහනක් විතරයි. සතියකට එකවරක් හමුවන මාව අසන්නාගේ මතකයට කාවදින්න ප‍්‍රමාණවත් මදිවුණා. මට  ඕන වුණේ අසන්නාට දැනෙන දෙයක් කරන්න. මම ඊට සුදුසු අවස්ථාවක් සෙව්වා. ඔය අතරතුර ‘‘සිත’’ ගුවන්විදුලියෙන් මට ආරාධනාවක් ආවා වැඩසටහනක් කරන්න. වැඩසටහන කරන්න මට ලැබුණ වෙලාව තමයි සවස 6.30 ඉදලා ? 9.30 වෙනකම්. මේ වෙලාව අපේ මනසට අවිවේකී කාලයක් නිසා සංගීතමය වැඩසටහනක් සුදුසුය කියලා යෝජනා ආවා.

ඒ දේවල් එක්ක විශේෂයෙන්ම කාර්යාලවල වැඩබිම්වල මානසිකව පීඩාවට පත්වෙලා ඉන්න සහ තරගකාරී ජීවිතයක් එක්ක හෙම්බත් වෙලා ඉන්න මිනිසුන්ට යහපත් මානසික ආකල්ප ගොඩනගන්න පුළුවන් ආකාරයේ වැඩසටහනක් කළ යුතුයි කියන අදහස මගේ හිතේ තිබුණා. ඒකට ගුවන්විදුලියේ ඉඳලා මම ලබාගත්ත දීර්ඝ කාලීන අත්දැකිීම් විශාල පිටිවහලක් වේවි කියන විශ්වාසයක් මගේ හිතේ තිබුණා. ඒ නිසා මම ‘‘සිත’’ ගුවන්විදුලියෙන් ලැබුණ ආරාධනාව භාරගත්තා.

වැඩසටහනේ නම?

සිත්තම් රෑ 

එතකොට සිත්තම් රෑ නිර්මාණය වෙන්නේ?

වැඩසටහනේ ආකෘතිය නිර්මාණය වුණේ ගීත පදනම් කරගෙන. ඇත්තට ගීත පදනම් කරගෙන කරමු කියන යෝජනාව මුලින්ම ගෙනාපු සොහොයුරිය දැන් ‘‘සිත’’ ගුවන්විදුලියෙන් ඉවත්වෙලා. ඒත් ඇගේ යෝජනාවට පටන් ගත්තු ‘‘සිත්තම් ?’’ ඈ හිතුවටත් වඩා ජනපි‍්‍රය වෙලා. හර්ෂි, මම, සහ අචල දැන් අපි තුන්දෙනා තමයි සිත්තම් ? කරගෙන යන්නේ. ඊට අමතරව ඉහළ පුටුව හොබවන කෙනාගේ ඉඳලා ‘‘සිත’’ නාලිකාවේ සියලූම දෙනාගේ සහය අපට අඩුවක් නැතුව ලැබෙනවා. ඒකට ගොඩක් ස්තුතියි.

එතකොට වැඩසටහනේ පිටපත නිර්මාණය වෙන්නේ?

මෙහි පිටපත නිර්මාණය වෙන්නේ මගේ අතින්. ඇත්තටම මෙහි පිටපත නිර්මාණය කිරීම හරිම අසීරු දෙයක්. මොකද සිත්තම් ? අපේ රටේ ගොඩක් ප‍්‍රවීණ චරිත ශ‍්‍රවණය කරනවා. මේ නිසා ගොඩක් පරිස්සමෙන් තමයි මෙහි පිටපත සකස් කරන්නේ. අපි වටා එකතු වෙලා ඉන්න රසිකයෝ සියලූම දෙනාම හවසට වැඩ නිමවෙලා මහන්සි වෙලා ගෙදර යන පිරිසක්. ඒ නිසාම අපේ අසන්නාට අපි  හොඳ ගීත ලබාදෙනවා.

මේකත් ගිරව් වගේ කෑගහලා ඉල්ලීම්වලට ගීත දෙන සාම්ප‍්‍රදායික වැඩසටහනක්ද ?

අපෝ නැහැ. සිත්තම් ? කියන්නේ හාත්පසින්ම වෙනස් ආරේ වැඩසටහනක්. රටේ ගොඩක් ප‍්‍රවීණයෝ ජයලත් මනෝරත්න, රෝහණ වීරසිංහ වැනි ප‍්‍රවීණයෝ විශාල පිරිසක් අපට කතා කරලා වැඩසටහන ගොඩක් අගය කරලා තියෙනවා. ප‍්‍රවීණ අය අපිව අහන නිසා අපි කියන හැම වචනයක්ම කියන්නේ ගොඩක් පරිස්සමෙන්.

20170202Vajira-1

 

ඔබ වැඩසටහන වෙනුවෙන් විශේෂ සූදානමක් වෙනවද ?

ඇත්තටම ඔව්. පූර්ව සැලසුම් කරලා පොත්පත් පරිශීලනය කරලා තමයි හැමදාම වැඩසටහන ඉදිරිපත් කරන්නේ. ගීතවල නියම තේරුම සොයලා සතියේ දවස් පහම වැඩසටහන කරනවා කියන්නේ ලොකු අභියෝගයක්.

ගීත තෝරා ගැනීමේ විශේෂත්වයක් තියෙනවද?

ගීත තේරීමේදී 50, 60, 70, 80, 90 දශකවල ජනපි‍්‍රය වුණ සහ අර්ථාන්විත ගීත අපි ඉදිරිපත් කරනවා. අපි දඟලලා කෑ ගහලා හැම සින්දුවක්ම ශ‍්‍රාවකයාට දෙන්නේ නැහැ. මෑත පරම්පරාවෙන් යහපත් විදිහට සංගීත ආකෘතිවලින් පොහොසත් මට්ටමේ නිර්මාණ වෙලා තියෙන ගීත අපි සිත්තම් රැුයට යොදා ගන්නවා.

 ගීතයක් තෝරා ගැනීමේදී ගීතය කියන වචනයට පූර්ණ සාධාරණයක් දෙන්න පුළුවන් ගීත විතරයි අපි තෝරා ගන්නේ.

එතකොට සිත්තම් රැුයෙන් ප‍්‍රචාරය කරන්නේ ශාස්ත‍්‍රීය ගීත විතරද?

අපෝ නැහැ. අහන්න පුළුවන් හොඳ ගීත අපි ප‍්‍රචාරය කරනවා. අපි ගීතයේ වචනයෙන් වචනයට තේරුම් කරන්න යන්නේ නැහැ. හැමෝම ප‍්‍රචාරය කරන්නේ කොත්තු රොටි සින්දුනේ. ඒත් අපි අහල නැති හොඳ ගුණාත්මක ගීත අපේ ගීත ක්‍ෂේත‍්‍රයේ තියෙනවා. අපි ඒවා හොයලා ශ‍්‍රාවකයාට අහන්න සලස්වනවා. මෑතකදී අමරසිරි පීරිස් මහත්මයා ගීත ක්‍ෘ පටයක් කළා. ඒත් කිසිම මාධ්‍යයක ඒ ගීත ප‍්‍රචාරය කරේ නැහැ. අපි එතුමාගේ ගීත ප‍්‍රචාරය කළා ඒත් තව දෙයක් අපි මේ කිසිම ගීතයකට තේරුම මේකයි කියලා පූර්ණ අර්ථකථනයන් දෙන්නේ නැහැ. මොකද ඒ රාජකාරියට ඒ සඳහා අපේ රටේ දක්‍ෂ ප‍්‍රවීණ පිරිසක් ඉන්නවා.

කොහොමද ‘සිත්තම් ?’ වැඩසටහනට ලැබෙන ප‍්‍රතිචාර?

ඇත්තටම මේක ජනපි‍්‍රයතම වැඩසටහනක් නෙමෙයි. හැබැයි ඇසිය යුතු පිරිස අහන වැඩසටහනක්. අපිට පේ‍්‍රක්‍ෂකයෝ වැඩි ප‍්‍රමාණයක්  ඉන්නේ හවස වැඩ ඇරිලා ගෙදර යන අය. අපිට ඉන්නේ ශ‍්‍රාවකයෝ ටික දෙනයිද ඒ ගැන මම නිවේදකයෙක් විදිහට හරිම තෘප්තිමත්.

ගුවන්විදුලි ගත්තම අද අලූත් ගුවන්විදුලි නාලිකා ගොඩක් බිහිවෙලා තියෙනවා. ඒත් එක්කම ගිරව් වගේ කෑගහන සංස්කෘතියකුත් බිහිවෙලා තියෙනවා. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ.?

 මේක තරුණ පරපුරේ වරදක් නොවෙයි. අලූතෙන් බිහිවෙන ත්‍ඵවලට දොස් කියලා වැඩක් නැහැ. නාලිකාවල ප‍්‍රධානීන් සහ එයාලගේ රසිකත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් තමයි තියෙන්නේ. හැකියාවෙන් ඉතා ප‍්‍රතිභාපූර්ණ නිවේදක නිවේදිකාවෝ අලූත් පරපුරේ ඉන්නවා. වරද තියෙන්නේ අපේ වෙළෙඳ පොළ ක‍්‍රමයේ.

ඉතින් මොනවද අලූත් වැඩ?

මම අවුරුදු පහළොවක් තිස්සේ ලබාගත්ත අත්දැකීම් සහ දැනුමෙන් මම වගේම ඈත දුෂ්කර පළාත්වල ඉඳලා මේ ක්‍ෂේත‍්‍රයට එන්න ආසාවෙන් බලාගෙන ඉන්න දුවා දරුවන්ට මාධ්‍ය පිළිබඳ නොමිලේ උගන්වන වැඩපිළිවෙළක් මේ දිනවල කරගෙන යනවා. මටත් ඒ කාලේ ඉගෙන ගන්න ආසාව තිබුණත් ආර්ථික දුෂ්කරතා රාශියක් තිබුණා. මට මුලින්ම රූපවාහිනි අභ්‍යාස ආයතනයේ පැවැත්වුණ පාඨමාලා හදාරන්න සල්ලි තිබුණේ නැහැ. ඒ නිසාම මට රූපවාහිනියට යන්න ගොඩක් පමා වුණා. ඒ නිසාම තමයි මේ ක්‍ෂේත‍්‍රයට එන්න ආස අයට මට පාඨමාලාවක් කළ යුතුය කියලා සිතුනේ. මොකද ඒ දුක මම වින්දා. ඒකට මට උදව් කරනවා නිව්ලින්ක්.කන වෙබ් අඩවිය. මේ වෙබ් අඩවියට ගිහිල්ලා ලියාපදිංචි වෙන්න පුළුවන්. මේ මාධ්‍ය පාඨමාලාව මම කරන්නේ සම්පූර්ණ නොමිලේ. වෙබ් අඩවියට ගිහිල්ලා ලියාපදිංචි වෙලා අපේ ඊළඟ අදියරට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා.

 ඊට අමතරව මේ දවස්වල කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ නිල්දියවර ප‍්‍රසංගය එක්ක රට වටේම යනවා.

නදීශා අතුකෝරළ