සිඩ්නි වෙසක් මහ ඉහළින්


ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශ්‍රී  ලංකාරම විහාරයේ දී  වෙසක් උත්සවය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූහ. මීගහකුඹුරේ ධම්ම ගවේෂී , තලංගල්ලේ සිරිධම්ම හා පිඹුරේ පඤ්ඤාශේඛර හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාර සංගමය සංවිධානය කළ මෙම වෙසක් පින්කමට සිඩ්නි නුවර ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ. බාල තරුණ මහලු 1200ක් පමණ සිල් සමාදන් වූහ.  එදින සවස බැති ගී ගායනයෙන් හා වෙසක් පහන් කූඩුවලින් ලංකාරාමය ආලෝකමත් විය.