සියයට හැටක රූපමය අවවාද සඳහන් නොකර සිගරට් පැකට් අලෙවි කරන වෙළෙඳුන්ට හා ඒවා නිෂ්පාදනය කරන සමාගම්වලට එරෙහිව ඉදිරියේ දී නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
දැනට නිෂ්පාදනය කර ඇති සිගරට් පැකට්වල සියයට හැටක මෙම රූපමය අවවාදය සඳහන් නොකිරීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී පොලිසිය ගැටළු රැසකට මුහුණ දුන් බවත්, වෙළෙඳුන්ගේ හා නිෂ්පාදන සමාගම්වල ඉල්ලීම මත පසුගිය 31 වැනි දා දක්වා සහන කාලයක් දුන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

