මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කළ දුම්කොළ හා මද්‍යසාර පනතට අනුව කටයුතු කිරීමට නම් සිගරට් පැකට්ටුවේ 80% ක ප්‍රදර්ශනය කළ යුතු රූපමය සෞඛ්‍ය අවවාද කවරේද යන්න සඳහා සංයුක්ත තැටියක් (සීඩී) ලබාදෙන ලෙස දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට නියෝග කරන ලෙස ලංකා දුම්කොළ සමාගම අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
එම නීතියට අනුව කටයුතු කිරීමට දුම්කොළ සමාගම එකඟවූ බවත් එහෙත් එම රූපමය අවවාද සඳහා තොරතුරු අඩංගු සංයුක්ත තැටිය තවමත් තමන්ට ලබාදීමට බලධාරීන් පියවර ගෙන නැති බවය.

