විනීතා එම් ගමගේ
සිගරට් බදු මගින් ඉකුත් වසරේ රුපියල් බිලියන 107.4 ක ආදයමක් රජයට ලැබී ඇති අතර රුපියල් බිලියන 75 කට අධික මුදලක් සිගරට් නිසා සිදුවන හානි හේතුවෙන් වැය වී ඇතැයි මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්ද්‍රය (ඇඩික්) පෙන්වා දෙයි.
පසුගිය සමයේ සිගරට් භාවිතය සම්බන්ධව රජය ගත් ප‍්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් රජයට බිලියන 18 ක පමණ අලාභයක් සිදුව ඇතැයි මුදල් අමාත්‍යවරයා පවසා ඇතත් 2015 සිට 2017 දක්වා රජයට සිගරට් මගින් ලැබූ බදු ආදායම වාර්ෂිකව බිලියන 26. 2කින් වැඩිවී ඇතැයි ඇඩික් ආයතනය පෙන්වා දෙයි.
සිගරට් බදු වැඩි කිරීම නිසා ජනතාව බීඩිවලට පෙළඹෙන බව සිගරට් සමාගම් පවසතත් එය එසේ නොවන බවත් ජනතාව ක‍්‍රමානුකූලව බීඩිවලින් ඈත් වෙමින් සිටින බවත් එම ආයතනය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සිගරට් සඳහා සියයට 80 ක වත් බද්දක් පැනවිය යුතු බව යැයි පෙන්වා දෙන ඇඩික් ආයතනය තවමත් අප රටෙහි සිගරට් බද්ද සියයට 70 ක් පමණ වෙතැයි ද පෙන්වා දෙයි.
දුම්කොළ සමාගම් සිය ලාභය පසුගිය කාලයේ සීඝ්‍ර ලෙස වර්ධනය කරගෙන ඇත්තේ ඉතිහාසයේ අවම සිගරට් ප‍්‍රමාණය විකිණිමෙන් බව පෙන්වා දෙන ඇඩික් ආයතනය රජයට ආදායම් අහිමි වන්නේ සිගරට් සමාගමේ පාර්ශවයෙන් මිස සෞඛ්‍ය අමාත්‍යංශය හෝ වෙනත් ආයතන සිදුකරන වැළැක්වීමේ මැදිහත්වීම් වලින් නොවන බව ද පවසයි.