සිඅයිඩී ඉල්ලිම ඉවතට


මොහොමඩ් සිද්ධික් හා ඔහුගේ බිරියගේ ආදායම් බදු වාර්තා ලබා ගැනිමට රහස් පොලිසිය කළ ඉල්ලිම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් පාකිස්තානයේ අත්අඩංගුවට  ගෙන ශ්‍රී ලංකාවට  ගෙන ආවේ කුඩු නඩුවකින් පෝරකයන් නියම වු සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා උසාවියට  කළ පාපොච්චාරයක් අනුවය. එතැන් සිට ඔහු මාස අටක් රිමාන්ඩ් බාරයේ සිටියි.

සිද්ධික් හා ඔහුගේ බිරියගේ සමාගමක ආදායම් බදු වාර්තා ලබා දෙන්නැයි සිඅයිඩී ඉල්ලා සිටියේය‍.

අපරාධ මගින් උපයා ගත් මුදල් වෙනත් ව්‍යාපාර වල ආයෝජනය කිරිමෙන් මුදල් විශුද්ධිකරණය යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇතත් මෙතෙක් චෝදනා ඉදිරිපත් කර නැත.

ඔහුගේ ආදායම් බදු වාර්තා රහස් පොලිසියට දිමෙන් ආදායම් බදු පනත උල්ලංඝණය වන බවට  මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. නඩුව ලබන 5 වැනි දා ට කල් තැබිණි.

IMG_6905 IMG_6907