වසර 12කට පෙර සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස පැමිණ වසර 11ක් වැටුප්ද නිවාඩුද නොලද කාන්තාවක්සෞදි අරාබියේ නැගෙනහිර අල් කොබාර් තානාපති ජංගම සේවාවේදී සොයා ගැනිණි. ඇය අනුරාධපුරයේ කතකි.
අලුත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ඇයගේ හාම්පුතා යැයි සැලකෙන සිරියා ජාතිකයකු සහ ඔහුගේ බිරිය සමඟ පැමිණි අතර තානාපති කාර්යාලයයේ කම්කරු නිලධාරී රොෂාන් ගුණවර්ධන මහතා මේ කාන්තාවකගෙන් කරුණු විමසීමේදී හෙළි වුයේ තමා පැමිණ වසර 12 ක් ගත වුවද වැටුප් ලෙස මෙතෙක් ලැබුණේ එක් වසරක වැටුප් පමණක් බවයි.
වසර 12දීම ලංකාවවෙන් ලංකාවට නොගිය ඇය නිතර නිතර පහරදීම්වලට ලක්වෙන බවද කිසිදු දිනක ජංගම දුරකතනයක් පාවිච්චි කිරීමට ඉඩ නොදුන් බවද ඇය කීවාය.තමාට නැවත මෙම පුද්ගලයින් සමඟ එම නිවසට යෑමට නොහැකි බවත් කෙසේ හෝ තමා ශ්‍රීලංකාවට පිටත් කිරීමට කටයුතු යොදන ලෙසත් ඇය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.මෙම කාන්තාවට හරිහැටි සිංහල භාෂාව පවා කතා කිරීමට නොහැකි බව පෙණිනි.
වහා ක්‍රියාත්මක වු රොෂාන් ගුණවර්ධන මහතා සහ කම්කරු නිලධාරී යසීර්,නෂ්රත් ,යන නිලධාරීන් උපක්‍රමශ්‍රීලිව සිරියා ජාතික හාම්පුතාගේ සියලු තොරතුරු ලිඛිත හා වාචිකව සාක්කි ලබාගෙන සහ නීතිමය තත්ත්වයන් සහ මෙහි බරපතලකම අවබෝධ කර දී වසර 11 වැටුප් වෙනුවෙන් අවම වශයෙන් සෞදි රියාල් අසු දහසක් පමණ ( ශ්‍රී ලංකා රුපියල් ලක්ස විසිහතරක් ) පමණ ගෙවිය යුතු බවයි.නොගෙවන්නේ නම් නිතීමය ක්‍රියාමාර්ගයකින් එම මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව පැවසු අතර හාම්පුතා හදිසියේ නිලධාරීන් හට පැවසුයේ ගමන් බලපත්‍රය ලබාගෙන මුදල් සමඟ ඇය ලංකාවට පිටත් කිරීමට පියවර ගන්නා බවයි.
රොෂාන් ඔහුගේ යෝජනාවට එකඟ වුයේ නැත. කාන්තාව වහාම තානාපති කාර්යාල භාරයට ගෙන රියාද් ප්‍රධාන කාර්යාලය වෙත රැගෙන යාමට කටයුතු කළ අතර හාම්පුතා මුදා හැරියේය.
ශ්‍රී ලංකා කම්කරු නිලධාරීන් සඳහන් කළේ මෙම කාන්තාව පිළිබඳව තොරතුරක් නැති බවයි. ඇගේ පවුලේ ඥාතීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කිහිපයක්ම කර ඇති බවයි. එම අවස්ථාවේදීම එම සටහන්ද හාම්පුතා වෙත පෙන්වන ලදි.



