සිංහල රාවය කළුතරට එයි


සිංහළරාවය සංවිධානය කතරගමින් ඇරැඹු පා ගමන අද (24) කළුතරට ළඟා විය.

ගව මස් කෑම නවතන ලෙස ඉල්ලන සංදේශයක් අරලිය ගහ මැදුරට බාර දීම සදහා මේ පා ගමන සංවිධානය කැර ඇත.

කළුතර කටුකුරුන්දේදී සංවිධානයට තරමක උණුසුම් තත්ත්වයතට මුහුණ දීමට සිදු වුවත් පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසිය එක්ව තත්ත්වය සමනය කළේය.