සිංහල මුස්ලිම් සමගිය දන්සලට එයි


මීරිගම පල්ලෙවෙල මාතෘ සායනයේ සේවය ලබා ගන්නා ගැබිනි මවුවරුනට දිවා ආහාරය හා පෝෂණ මල්ලක් පිරිනැමීමට පල්ලේවෙල පොලිසිය සමග වෙළෙඳ සංගමය හා ශ්‍රී ලංකා ජමාත් ඒ ඉස්ලාම් මධ්‍යස්ථානයේ කල්එළිය කවය ද එක්විය. පොලිස් ස්ථානාධිපති දිල්රුක් පෙරේරා මහතා එම පින්කම සංවිධානය කෙළේය.