සිංහල නොදන්නා සුද්දෝ අමාරුවේ


මහනුවර අනිවත්ත  බිංගෙය අසළ පිවිසුමට  විශාල ගල් පෙරළීමෙන්  ගමනාගමනයට බාධා පැමිණ ඇතැයි පොලිසිය කියයි.

දොඩම්වල, අනිවත්ත, බහිරවකන්ද දෙවැනි රාජ සිංහ මාවත යන ගම්මාන වලට පිවිසිය හැකි  මෙම බිංගෙය තුළින් ගමන් කිරීමට නොහැකි වීමෙන් රථ වාහනවලට  කිලෝමිටර් දෙකක් පමණ දුරක් ගෙවා වෙනත් මාර්ග ඔස්සේ ගමන් කිරීමට සිදුව ඇතැයි කියති.

මහනුවර නගර සභාව මකන්දේ  ඇති අවදානම් ගල් ඉවත් කරමින් සිටී.   මෙම ස්ථානයේ ඇති අවදානම් ස්වභාවය සඳහන් කරමින් සිංහල භාෂාවෙන් පමණක් ඒ අසල දැන්වීමක් සවි කර ඇති අතර ඒ පිළිබඳ නොදැනුවත්කමින් විදේශීය සංචාරකයින් පැමිණ ඒ අවට රැඳී සිටීම අවදානම් සහගත බව ප්‍රදේශවාසීහු කියති.

Kandy_201617_-___ Kandy_201617_-___2 Kandy_201617_-___3 vlcsnap-2016-01-07-00h18m24s133