(අසුන්තා එදිරිසුරිය)
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නැකැත් කමිටුව මගින් ඉදිරිපත් කර තිබෙන සිංහල අලුත් අවුරුදු නැකත් දෝෂ සහිත බව ඇතැම් ජෝතිෂ්‍යෙව්දීන් කරුණු ඉදිරිපත් කර තිබුණ ද එහි කිසිදු දෝෂ තත්ත්වයක් හෝ අසුභ තත්ත්වයක් නැතැයි නැකත් කමිටුව අවධාරණය කරයි.
නැකැත් කමිටුවේ මතයට විරුද්ධ වෙමින් ජෝතිෂ්‍යෙව්දී ආචාර පියසේන රතුවිතාන මහතා සහ ඇතුළු පිරිසක් සඳහන් කලේ චන්ද්‍රයා බලවත් කළ සකස් කළ යුතු සිංහල අලුත් අවුරුදු නැකත් මෙවර සකස් කර තිබෙන්නේ චන්ද්‍රයා දුර්වල තත්ත්වයක තිබෙන විට බවයි.
මෙවැනි නැකත් නිසා රටට ජනතාවට මෙන්ම පාලකයන්ට ද අසුභ තත්ත්වයක් වෙන බවත් , දේව සාපයන්ට , කාම අපරාධ වලට සේම රෝග පීඩා වර්ධනය වීමට මෙම නැකත් හේතු වන බව ඔවුහු තර්ක කරති.
ජොතිෂ්‍ය පිළිබඳ ශාස්ත්‍රීය දැනුම අඩු පිරිසක්, සෑම වසරකම නැකත් කමිටුව මගින් ඉදිරිපත් කරන නැකත් විචේචනය කිරිම විලාසිතාවක් වී ඇති බවත් වසර 23 ක් පුරා නැකැත් කමිටුවේ සාමාජිකත්වය දරණ ජෝතිෂ්‍යවේදී පානදුරේ ප්‍රශාත් මලවීගේ මහතා ප්‍රකාශ කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ චන්ද්‍රයා අටවැන්නේ යොදා නැකැත් සකස් කිරිම 1895 දී ඈපා අප්පුහාමිගේ කාලයේ සිට සිදුවන බවත්, එහි කිසිදු තත්ත්වයක් නොමැති බවත්ය.
කවුරුන්, කෙසේ කරුණු ඉදිරිපත් කළ ද, ආහාර අනුභව කරන නැකතින් හෝ ලිප ගිනි මොළවන නැකතින් රටට සුභද අසුභ ද යන්න තීරණය නොවන බවත් මලවීගේ මහතා පැවසීය.
රටට යහපතක් වන්නේ ද , දෝෂ සහිත තත්ත්වයක් උදාවන්නේ ද යන්න තීරණය වන්නේ සුර්යයා මේධ රාශියට ගමන් කරනා සුර්යය සංක්‍රාන්ත්‍රි මොහොතේ සාදන සංක්‍රාන්ති කේන්ද්‍රයට අනුව බවද හෙතෙම පැවසීය.

