වැද්දාගල කුඩව ප‍්‍රදේශයේ වැද්දාගල ගඟේ ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂිත මත්ස්‍යයන් මැරීමේ වරද පිළිගත් විදේශීකයකුට රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරිය මහතා විසින් රුපියල් ලක්‍ෂයක දඩ නියම කළේය.
මත්ස්‍යයන් මැරීම සඳහා යොදාගත් රුපියල් පහලොස් දහසක් වටිනා මසුන් මැරීම සඳහා යොදාගත් උපකරණ තොගය රාජ සන්තක කිරීමටද නියම කරන ලදි.
ඕස්ටේ‍්‍රලියා ජාතියකුවූ සැනගෝර් ඬේඩිඞ්ට මේ දඩය නියම විය.
නම් ඔස්ටේ‍්‍රලියාවේ ඉලරි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකුටය” රාජසන්තක කළ උපකරණ අතර ගොඩබිමේ හා මුහුදේ භාවිතාකළ හැකි (ඊතල - ඉත්තෑකූරු ) දුනු හී වැනි විදුම් උපකරණයක්ද බිලීකොකු වර්ග තුන්සීයක් සහ මාළුන් මුලා කරන ඇම සහිත උපකරණ දෙසිය තිස් තුනක්ද විය”
සිංහරාජ වනජීවි කාර්යාලයේ වනජීවිනියාමකවරුන් වන ආර්” වික‍්‍රමආරච්චි එම්” ඩබ්ලිව් නිහාල් වික‍්‍රමසිංහ බි.කේ.එරංග විෂාක සහ වන ජීවි නියාමක සහකාර ජී.ජී.ඉන්දික ප‍්‍රසාද් යන මහත්වරු පැමිණිල්ල ඉදිරිපත් කළහ.

