සිංහපාදෙ ඇන්ද බලි මකයි


සීගිරි සිංහපාදයේ කුරුටු ගෑ දෙමළ අකුරු ඉවත් කිරීමේ කණ්ඩායම අද වැඩ ඇරඹීය.

බිතුසිතුවම් සංරක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරී ලලිත් පෙරේරා මහතා  මේ කණ්ඩායමට නායකයාය.

අකුරු තදික් කා වැදී ඇති හෙයින් ඉතා සියුම් ලෙස මහත් වෙහෙසක් ඒවා ඉවත් කිරීමට සිදුවන බවත්, ඒ සඳහා දින කිහිපයක් ගත විය හැකි බවත් ඔහු කියයි.

පොල්කඩු අඟුරු ඇතුළු දේශීය අමුද්‍රව්‍ය පමණක් මේ සඳහා යොදා ගැනේ.