තුන්සිය හය ඒ1 සිංහ සමාජයේ නව දිස්ත්‍රික් පාලක ලෙස ශ්‍රියන්ත රාජකරුණා මහතා තෝරාගනු ලැබ සිටී.
ඔහු කළුවාමෝදර මොරගල්ල සිංහ සමාජය නියෝජනය කරයි.
කොළඹ ඉසිපතන විදුහලේ ආදී සිසුවකු වන ඔහු විදුහල් මලල ක්‍රීඩා හා රග්බි කණ්ඩායමේ නායකයා විය. කළුතර ජ්‍යෙෂ්ඨ නිතීඥ කාමනි සමඟ විවාහ වී සිටින ඔහු සංවිධාන රැසක නායකත්වය දරයි.
පාසල් හා ජන ජීවිතය නගා සිටුවීමට ඔහු බොහෝ සමාජ සේවා වැඩ කර ඇත. නව පදවියේ දිවුරුම් දීම සදහා ඔහු ජර්මනියේ හැම්බර්ග් නුවරට යාමට නියමිතය. සිංහ සමාජයේ අනු හය වැනි ජාත්‍යන්තර සමුළුව එහිදී පැවැත්වේ.