සිංහයින් ,වළසුන් සහ කොටියන්ගේ මස් විකුණන ආපන ශාලාවක් ප්ලොරිටා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරී මාසයේදී විවෘත කර ඇත. සිංහ මස් රාත්තලක මිල ඩොලර් 225 කි. (රුපියල් 28575 ) සිංහ මස් ව්‍යංජනයක් ඩොලර් 35 කි . (රුපියල් 4445 )
ප්ලොරිටාවේ වෙසෙන සත්ව හිංසා විරෝධින් රැසක් ආපන ශාලාව ඉදිරිපිටදී සිංහ මස් විකිණිමට එරෙහිව උද්ඝෝෂණය කළහ.
එහිදී කළමනාකරු කියා සිටියේ සිංහ මස් අනුභවයට අකැමති නමි නොකා සිටින ලෙසය.
එහෙත් එල්ල වු දැඩි විරෝධතා මධ්‍යයේ පසුගිය සතියේ සිට සිංහ මස් විකිණිම අතහැර දැමීමට කළමනාකරුට සිදු විය.
මීලඟට හදුන්වා දෙන්නේ සීබ්‍රා මස් බවත් කළමනාකරු කියයි.