දෙහිවල සත්තු වත්තේ සිංහ ධේනුවකට ඉපදුණු සිංහ පැටවු තිදෙනාට කිරි මවක සොයන බව එහි නිලධරයෝ කියති.
පැටවුන් බිහිකළ මව තම දරුවන්ට කිරි නොදීම මීට හේතුවයි.
සිංහ පැටවුන් වෙනුවෙන් ආනයනය කළ විශේෂ කිරිපිටි වර්ගයක් සූප්පුවෙන් පොවන නමුත් සිංහ දෙනකගේ කිරි නොමැතිව පැටවුන් ලොකු මහත් කිරීම හා ලෙඩ රෝග වලින් වළක්වා ගැනීම අසීරු බව ඔවුහු කියති.
සචිනා නම් සිංහ මව (4) මීට පෙර වතාවකදීත් ඇගේ පැටවුන්ට කිරි දීම ප්‍රතික්ෂේප කළ බව නිලධරයෝ කියති.



