සිංහ කොඩියෙන් ඇත් දළ පනී


අඩියක් පමණ දිග (සෙ.මී. 32) ඇත් දළ දෙකක් ජාතික කොඩියක ඔතා රැගෙන ගිය තිදෙනකු වැලිමඩ නුගතලාවේ දී අත්අඩංගුවට ගත් වැලිමඩ පොලිසිය කියනුයේ, බිබිලේ කැලෑවකු ඇත් පැටවකුගෙන් මේ දළ දෙක ගන්නට ඇති බවයි.
ඇත් පැටවා මළ පසු දළ දෙක ගත්තා ද, නොඑසේ නම් පැටවා මරා ගත්තා දැයි පොලිසිය සොයයි. ඔවුන් රුපියල් තිස් දාහකට මිලට ගන්නට ඇතැයි කියති.