සිංහ කොඩිය උඩු යටිකුරු කළැයි යටිනුවර ප්‍රා.සභාපති සැකපිට


ජාතික කොඩිය විකෘති කළැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පසුගිය ඉරිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවූ යටිනුවර පැවැති සන්ධාන රැලියේ සැරසිලි කටයුතු සූදානම් කර තිබූ අවස්ථාවේ විකෘති කළ ජාතික කොඩි ඔසවා තිබූ අතර පසුව ඒවා ඉවත් කැර තිබුණි. එම රැස්වීමේ සැරසිලි කටයුතු භාරව සිටියේ යටිනුවර ප්‍රාදේශිය සභා සභාපතිවරයාය.

ඔහු මහනුවර අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

vlcsnap-2015-07-29-23h57m51s57